NOTICE
මහජන නිවේදනය - CDC හා SID එකදින සේවාව – අන්තර්ජාල වෙන්කර ගැනීමේ පද්ධතිය
වෙළඳ නාවික ලේකම් නාර්යාලයවිසින්අඛණ්ඩ මුදාහැරීමේ සහතික (CDC) සහනාවික හැදුනුම්පත (SID) සඳහා වනඑකදින සේවාවමෙතැන් සිටඅන්තර්ජාලය හරහා වෙන්කර ගැනීමේ පද්ධතියක් මඟින් පමණක්ලබාදෙන බව මහජනතාවට දැනුම් දෙයි.
අදාළ සේවාව ලබාගැනීම සඳහා පැමිණීමට පෙර, අන්තර්ජාල පද්ධතිය හරහා දිනයක් වෙන්කර ගැනීමඅනිවාර්ය වේ.
වැදගත් කරුණු:
- එකදින සේවාව සඳහාඅන්තර්ජාල වෙන්කර ගැනීම අනිවාර්ය වේ.
- දිනකට අයදුම්කරුවන් 10 දෙනෙකුට පමණක් CDC හා SID එකදින සේවාව ලබාදෙනු ලැබේ.
- එක් දින සේවාව සඳහා අයදුම් කල හැක්කේ පෙ. ව. 10.30 දක්වා පමණක් වන අතර, ඉන් පසුව අයදුම්පත් භාර ගනු නොලැබේ.
- අන්තර්ජාලය හරහා වෙන්කර ගැනීමක් නොමැතිව පැමිණෙන අයදුම්භාරගනු නොලැබේ.
අන්තර්ජාල වෙන්කර ගැනීමපිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න;
CDC එකදින සේවාව / SID එකදින සේවාව
අන්තර්ජාල වෙන්කර ගැනීමේ පද්ධතිය වෙළඳ නාවික ලේකම් නාර්යාලයහි නිල වෙබ් අඩවිය හරහා ප්‍රවේශ විය හැක.
කාර්යක්ෂම හා නිසි සේවාවක් ලබාදීමට ඔබගේ සහයෝගය කාරුණිකව ඉල්ලා සිටිමු.
Public Notice - One-Day Service for CDC & SID – Online Booking System
The Merchant Shipping Secretariat hereby informs the general public that the One-Day Service for Continuous Discharge Certificate (CDC) and Seafarer Identity Document (SID) is available only through an online booking system.
Applicants must select an available date through the online system prior to visiting the Secretariat.
Important Information:
- Online booking is mandatory for the One-Day Service.
- Only 10 applicants per day will be accepted for CDC and SID One-Day Services.
- Applications for the one-day service can be submitted only until 10:30 a.m., and applications will not be accepted thereafter.
- Walk-in applications will not be entertained without a confirmed online booking.
For more information about online booking, please click here;
CDC One-Day Service / SID One-Day Service
The online booking system can be accessed via the official website of the Merchant Shipping Secretariat.
We kindly request your cooperation to ensure an efficient and smooth service.
Postponement of Scheduled Examinations of Merchant Shipping Secretariat
Please be informed that all examinations scheduled from 1st December to 15th December have been postponed until further notice due to the recent severe weather conditions.
Revised examination dates will be announced in due course.
We apologize for any inconvenience this may have caused and thank you for your understanding.
වෙළඳ නාවික ලේකම් නාර්යාලය මගින් පැවැත් වීමට නියමිතව තිබූ විභාග කල් දැමීම
පැවති අයහපත් කාලගුණික තත්ත්වයහේතුවෙන් දෙසැම්බර් 1 වන දින සිට දෙසැම්බර් 15 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාග නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව කරුණාවෙන් සලකන්න.
සංශෝධිත විභාග දිනයන් යථා කාලයේ දී ප්‍රකාශයට පත් කෙරේ.
මේ නිසා ඇති වූ අපහසුතාවයට අපි සමාව අයදින අතර ඔබේ අවබෝධයට ස්තූතියි.




















